Posts

ඔබ නීර්මාණශීලීව සිටින්නේ කෙසේද?

Image
Hi! කොහොමද යහලුවනේ...ඉතින් මම මේ ගොඩ දවසකින් තමයි blog post එකක් ලියන්න හිතුවේ. ඉතින් අද මම කතා කරන්න හැදුවේ හැමදෙනාම කතා කරන්න අකමැති නමුත් අපගේ ජිවිත වලට අතයවශය මාතෘකාවක්. ඒ තමයි ඔබ නීර්මාණශීලීව සිටින්නේ කෙසේද? යන්නයි. නිර්මාණශීලීව ඔබ සීටීමට භාවිතා කරන විශිෂ්ට මෙවලම්, උපක්‍රම, චර්යාවන්, පුරුදු, ද්‍රවය සහ අපි අපේ ජීවිත වලින් අයින් කල යුතු දේවල් මොනවාද? නිර්මාණශීලීත්වය ගැන ඔබ ඉගෙනගෙන ඇත්තේ කුමක්ද? මට ලැබුණු අත්දැකීම් අනුව මම හිතන්නේ පහත සදහන් කරන පරීදියි පුද්ගලයෙක් නිර්මාණශීව සිටීය යුත්තේ කියලා. මේ නිර්මාණශීලීත්වයට ගොඩාක් අතයවශයම වචනය තමයි "නිදහස" කියන දේ. ඒවිට අපට සදාකාලිකවම නිර්මාණශීලී පුද්ගලයෙකු ලෙස සිටීය හැකිය. නිදහසේ ලියන්න. ඔබේ නිර්මාණශීලීත්වය ඔබ ආරම්භ කීරීමට ඔබ මුලින්ම අවදි වන විට උදේ පාන්දරින්ම  බාදා රහිතව ඔබගේ note book එකේ එම සිතුවිලි ලියන්න. දීප්තිමත් අදහස්, විසද ගැනීමට නොහැකි ප්‍රශ්න වලට විසදුම් සහ මතක් කිරිම් ඔබට උදේ පාන්දර ගලාගෙන එනු ඇත. සෑම විටම ධනාත්මක සිතුවිලි කියවන්න සහ බලන්න. ඔබ ඔබගේ දුරකතනයෙන් හෝ පරිඝණකයෙන් හෝ යම්කිසි දෙයකින් හෝ වේවා ඔබ ධනාත්මක පු
Image
අද මම කියන්න යන්නේ හොද පැණි රසට පිළි ගද නැතුව දුබුරු පාටට වටලප්පන් හදා ගන්නේ කොහොමද කියලා.මම හදලා අත්දකිමෙන්මයි මේ කියන්නේ. කොහෙන්වත් වෙබ් අඩවි වලින් ගත්ත රෙසිපිස් නෙවෙයි.එහෙනම් දැන් අපි බලමු කොහොමද වටලප්පන් එක හද ගන්නේ කියලා. අවශ්‍ය ද්‍රව්‍ය: රතු බිත්තර 10 (වඩාත් හොදයි) පැණි හකුරු  1kg  Fresh milk 1l (වඩාත් හොදයි) වැනිලා එසන්ස් තේ හැදී 2 එනසාල් ඇට 5 හිනීයට කපා ගත් කජු හා වේලපු මිදී 25g  සාදා ගන්නා ආකාරය: මුලින්ම පැණි හකුරු 500g උණු වතුර 500ml ක් විතර භාජනයකට දාලා දිය වෙන්න හරින්න.හකුරු තලලා කරලා කරදර වෙන්න ඕනි නැහැ මේ ලේසි විදිහට කර ගත්තම.තවත් දෙයක් තමයි හකුරු ගනිද්දී හොදට බලල ගන්න. පැණි හකුරු නැතුව සීනී හකුරු වලින් හැදුවොත් එහෙම වටලප්පන් එක පාට වෙන්නෙත් නැහැ රස වෙන්නෙත් නැහැ. ඊටපස්සේ රතු බිත්තර 20 සාමාන්‍ය ලොකු භාජනයක දාගෙන විනාඩි 5ක් විතර හොදට පෙන එනකම් බීට් කරන්න. බිත්තර ටික බිට් කර ගත්තට පස්සේ වෙනම භාජනයකට හොදට පෙරා ගන්න.එහෙම පෙරා ගත්තේ නැත්තම් වටලප්පන් එක පිළිගද ගහනවා.එතකොට කන්නත් අප්පිරියයි.එත් එක්කම එනසාල් ඇට ටිකත් හොදට පොඩි වෙන්න තලා ගන්න. බිත්ත

අයිස් කැට ප්‍රතිකාරය - Ice cube treatment

Image
ඔන්න අද මම හොදටම දන්න දෙයක් තමයි ඔයගොල්ලොන්ට කියන්න යන්නේ. මමත් මේක හැමදාම වගේ කරනවා. ඒ තමයි අයිස් කැට ප්‍රතිකාරය. ඔයගොල්ලොන්ට මුලින්ම හිතාගන්න බැරි වෙයි මොකද්ද මේ කියලා. ඔන්න මම කියලා දෙන්නම් ඒ මොකද්ද කියලා. අයිස් කැට ප්‍රතිකාරය කියන්නේ අපි අපේ මුහුණට කරන තවත් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක්. අපේ මුහුණේ ලප කැළැල්, white heads, black heads, ඇස් යට කළු වීම්, සුදු කබර සහ පැල්ලම් වගේ තවත් හුගක් දේවල් මේ අයිස් කැට ප්‍රතිකාරය ක්‍රම නැතිවෙලා යනවා. මුහුණට ලස්සන පෙනුමක් වගේම පාටකුත් එනවා. බොරු නම් ඔයගොල්ලොත් උපරිම සතියක් කරලා බලන්නකෝ මම කියනවට. අදහගන්නත් බැරි වෙයි මේ වෙනස් වීම. Blackheads and Whiteheads අයිස් කැට ප්‍රතිකාරයට අවශ්‍ය දේවල්: පිරිසිදු කපු රෙදි කෑල්ලක් අයිස් කැට 10 ක් පමණ මේ ප්‍රතිකාර කරන විදිහ: මේ ප්‍රතිකාරය අපි කරන්නේ රෑට නිදා ගන්න කලින් හොදට පිරිසිදු වෙලා මුහුණත් පිරිසිදු කරගෙන අපේ කොණ්ඩය හොදට උඩට බැද ගන්න. බැදගෙන Cotton පිරිසිදු රෙදි කෑල්ලට අර අයිස් කැට ටික දාල පොට්ටනියක් වගේ හදාගෙන ඒ අයිස් කැට පොට්ටනිය හෙමින් හෙමින් ඇස් යට, ඇස් උඩ, නළල, නිකට, කම්මුල් දෙක හා බෙල්ල

මැලේ අච්චාරුව හදා ගන්න හැටි - How to make malay pickle

Image
අද   මම ඔයගොල්ලෝ එක්ක දැනුම බෙදා ගන්න හිතුවේ හරි පදමට රතු පාටට ලස්සනට මැලේ අච්චාරුවක් හදා ගන්නේ   කොහොමද කියලා.ගොඩක් අය සිංහල අච්චාරුව හදන්න දන්නවා උනාට මැලේ අච්චාරුව හදන්න දන්නේ නැහැ. එක හරිම සරල දෙයක්. අවශ්‍ය කරන දේවල් හැම දෙයක්ම තියෙනවා නම් රසටම හද ගන්න පුළුවන්.මම දන්න පොඩි පොඩි Tips ටිකකුත්  තියෙනවා. ඒවත් මම ඔයගොල්ලොන්ට කියන්ම්කෝ. අපි දැන් බලමු මැලේ අච්චාරුවක් හද ගන්නේ කොහොමද කියලා. අවශ්‍ය දේවල්: සුද්ද කර ගත් රතු ළුණු ගෙඩි 250g රට ඉදි 100g අඹරා ගත් අබ මේස හැන්දක් (විනාකිරි දමා අබරන්න) ලුණු මේස හැන්දක් ගම්මිරිස් මේස හැන්දක් හකුරු 100g අමු මිරිස් කරල් 10 පොඩි කොටුවට කපා ගත් කැරට් 50g අවශ්‍ය නම් ලුණු දෙහි මුලින්ම රට ඉදි 100g කැලි හිටින සේ අබරා ගන්න. ඊටපස්සේ හකුරු 100g ත් එත් එක්කම අඹරා ගන්න. ඊටපස්සේ ලිපේ භාජනයක් තියලා රත් වෙද්දී එළවලු තෙල් මේස හැන්ද ඒකට දාලා මිරිස්කුඩු, ලුණු, ගම්මිරිස්, අඹරා ගත්ත රට ඉදියි  හකුරුයි එකට දාන්න. දාල මික්ස් එක හොදට ලී හැන්දකින් හරි පොල්කටු හැන්දකින් හරි කවලම් කරගෙන භාජනය වහන්නේ නැතුව බුබුළු වගේ දානකම් මද ගින්දරේ විනාඩි 5ක් විතර තියන්න.

Fried Rice එකක් ලේසියෙන් හදා ගන්න විදිය

Image
Fried Rice එකක් ලේසියෙන් හදා ගන්න විදිය අද මම ඔයගොල්ලෝ එක්ක බෙදාහදා ගන්න හිතුවේ රසට ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. පුංචි පුංචි Tips ටිකක් තියනවා ඒ ටික හරියට කලොත් අපිට රසම රසට හද ගන්න පුළුවන්. අපි බලමු දැන්  එක හද ගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා. අවශ්‍ය අමුද්‍රව්‍ය: බාස්මති හාල් 1kg  අයඩින් සහිත ලුණු මේස හැන්දක් ගම්මිරිස් මේස හැදී බාගයක් (1/2) තම්බා පොඩි පොඩියට ඉරා ගත් chicken 100g කැරට්, ලීක්ස් සහ බෝංචි හීනියට ලියා ගන්න බටර් හෝ මාගරින් මේස හැන්දක්  බිත්තර 2 ක් එළවලු තෙල් මේස හැඳි 2 ක් අපි බලමු දැන් මේක හදා  ගන්නේ කොහොමද කියලා. මුලින්ම බාස්මති හාල් 1kg හොදට 3 පාරක් අත්  දෙකෙන්ම පොඩි කර සෝදාගෙන අපේ දබර ඇඟිල්ලේ පුරුක් දෙකකට වතුර තියන විදිහට දා ගන්න. ලුණු මේස හැදි බාගයක් ඒකටම දාලා බටර් මේස හැන්දත්  එකටම එකතු කර ගන්න. ඔන්න කවුරුත් නොදන්නා Tip ක් ෆ්‍රයිඩ් රයිස් එකේ ඇට වෙන් වෙන්ව බෙරි නොවී හදා ගන්න ඕනේ නම් බත් එක ලිපේ තියන්න කලින් ඒකට බටර්, මගරීන් හෝ එළවලු තෙල් මේස හැන්දක් දා ගන්න. ඊටපස්සේ වෙනම භාජනයක් අරගෙන හීනියට ලියා ගත්ත කැරට්, ලීක්ස් සහ බ

කොහොමද යහලුවනේ!

කොහොමද යහලුවනේ, මගේ නම දසුනි. මම උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා තවමත් ඉගෙනගනිමින්  සිටින විවාහක තරුණියක්. මම නිදහසේ ඉන්න වෙලාවක කරන්න කමති දේවල් තමා පොත් කියවන එක, සින්දු අහන එක, අලුත් නිර්මාණ අත් හදා බලන්න, අලුත් කෑම  බිම හදන්න වගේ දේවල්. ඒවා මම කිරීමෙන් මටත් මගේ පවුලේ අයටත් මානසික සතුටක් ලබා දෙන්න හැමතිස්සෙම මම උත්සහ කරනවා. ඒ දේවල් වලට ආස හින්දා මම Blog එකක් ලියන්න හිතුවා. එකෙන් මගේ දැනුම, බුද්ධිය සහ මම දන්නා සියලුම දේවල් මගේ ආදරණිය යාළුවන් සමග බෙදාගෙන ඒවා තවත් වර්ධනය කරගෙන ඔයගොල්ලන්ගේ ජීවිත වලටත් හොද දෙයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.ඒ හින්දා මම ආස කරන හැම දෙයක්ම මේ Blog එකේ දාන්න හිතුවා. මගේ මීලග Blog post එක ඉක්මනින් බලාපොරොත්තු වන්න.