Fried Rice එකක් ලේසියෙන් හදා ගන්න විදිය
Fried Rice එකක් ලේසියෙන් හදා ගන්න විදිය
අද මම ඔයගොල්ලෝ එක්ක බෙදාහදා ගන්න හිතුවේ රසට ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. පුංචි පුංචි Tips ටිකක් තියනවා ඒ ටික හරියට කලොත් අපිට රසම රසට හද ගන්න පුළුවන්. අපි බලමු දැන් එක හද ගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා.
අවශ්‍ය අමුද්‍රව්‍ය:
- බාස්මති හාල් 1kg
- අයඩින් සහිත ලුණු මේස හැන්දක්
- ගම්මිරිස් මේස හැදී බාගයක් (1/2)
- තම්බා පොඩි පොඩියට ඉරා ගත් chicken 100g
- කැරට්, ලීක්ස් සහ බෝංචි හීනියට ලියා ගන්න
- බටර් හෝ මාගරින් මේස හැන්දක්
- බිත්තර 2 ක්
- එළවලු තෙල් මේස හැඳි 2 ක්
අපි බලමු දැන් මේක හදා ගන්නේ කොහොමද කියලා.
මුලින්ම බාස්මති හාල් 1kg හොදට 3 පාරක් අත් දෙකෙන්ම පොඩි කර සෝදාගෙන අපේ දබර ඇඟිල්ලේ පුරුක් දෙකකට වතුර තියන විදිහට දා ගන්න. ලුණු මේස හැදි බාගයක් ඒකටම දාලා බටර් මේස හැන්දත් එකටම එකතු කර ගන්න.
ඔන්න කවුරුත් නොදන්නා Tip ක්
ෆ්‍රයිඩ් රයිස් එකේ ඇට වෙන් වෙන්ව බෙරි නොවී හදා ගන්න ඕනේ නම් බත් එක ලිපේ තියන්න කලින් ඒකට බටර්, මගරීන් හෝ එළවලු තෙල් මේස හැන්දක් දා ගන්න.
ඊටපස්සේ වෙනම භාජනයක් අරගෙන හීනියට ලියා ගත්ත කැරට්, ලීක්ස් සහ බෝංචි ඒකට දා ගන්න. ඉතුරු ලුණු මේස හැඳි බාගෙත් දාගන්න. ගම්මිරිස් මේස හැන්දත් දාගන්න. එළවලු තෙල් මේස හැඳි 2ත්, තම්බා ඉරා ගත් chicken 100g ත්, බිත්තර 2ත් දමා හොදට හැදී ගා ගන්න.
ඔන්න තවත් Tip ක්
Chicken තම්බා ගැනීමේදී ලුණු පොඩ්ඩක් එකතු කර ගන්න. එතකොට chicken වල තියෙන විෂබීජත් විනාශ වෙලා chicken වලට හොදට ලුණු උරා ගන්නවා. එතකොට හරිම රසයි.
බිත්තර 2 බාජනයට දැම්ම ගමන්ම හැන්දෙන් හොදට පොඩි වෙන්න හැදී ගා ගන්න. නැත්තම් බිත්තර එළවලුත් එක්ක කුට්ටි කුට්ටි ගැහෙනවා.එතකොට ෆ්‍රයිඩ් රයීස් එකේ හොදට හැමතැනම එළවලුත් එක්ක බිත්තර කවලම් වෙන්නේ නැති වෙයි
දැන් බත් එක හොදට ඉදීගෙන එද්දී පියනකින් වහන්න. මද ගින්දරේ තියන්න විනාඩි 10ක් විතර.ඉටපස්සේ දැන් අපි එළවලු මික්ස් එකත් හොදට හැදී ගා ගත්තනේ. දැන් ලිපෙන් බත් එක බාගෙන අර මික්ස් එක හැන්දකින් පොඩ්ඩ පොඩ්ඩ විහිදවලා බත් එකත් එක්ක හොදට මික්ස් කරන්න. මික්ස් කරගෙන මද ගින්දරේ විනාඩි 5ක් විතර තියන්න.
මෙන්න තවත් Tip ක්
ගොඩක් වෙලාවක් ලිපේ වැඩි ගින්දරේ ඕන එළවලුවක්, කෑම වර්ගයක් තිබ්බොත් එකේ තියෙන ගුණ විනාශ වෙලා යනවා. ගුණ විනාශ වෙලා කියලා අපිට දැන ගන්න පුළුවන් වෙන්නේ තද කොළ පැහැති එළවලු වර්ග ලා අවර්ණ කොළ පාටක් වෙනවා. අපරදෙනේ. අපි මහන්සී වෙලා හදන කෑමේ ගුණ විනාශ වෙලා නම් තියෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න
දැන් අපිට ප්ලේට් එකකට දාලා වැඩි ලස්සනට සලාද කොළ ටිකක් හීනියට ලියාගෙන එකට උඩින් දාලා පිලිගන්නවන්න පුළුවන්.
මම මේවා කොහෙන්වත් බලලා නෙවෙයි මේ කියන්නේ. මම දෙපාරක් තුන්පාරක් විතර අත්හදා බලලායි මේ කියන්නේ. ඔයගොල්ලොත් අත්හදා බලන්නකෝ.
මගේ ඊළග Blog post එක බලාපොරොත්තු වන්න
Good work...
ReplyDeleteThank you so much!
Delete