අද මම කියන්න යන්නේ හොද පැණි රසට පිළි ගද නැතුව දුබුරු පාටට වටලප්පන් හදා ගන්නේ කොහොමද කියලා.මම හදලා අත්දකිමෙන්මයි මේ කියන්නේ. කොහෙන්වත් වෙබ් අඩවි වලින් ගත්ත රෙසිපිස් නෙවෙයි.එහෙනම් දැන් අපි බලමු කොහොමද වටලප්පන් එක හද ගන්නේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- රතු බිත්තර 10 (වඩාත් හොදයි)
- පැණි හකුරු 1kg
- Fresh milk 1l (වඩාත් හොදයි)
- වැනිලා එසන්ස් තේ හැදී 2
- එනසාල් ඇට 5
- හිනීයට කපා ගත් කජු හා වේලපු මිදී 25g
සාදා ගන්නා ආකාරය:
මුලින්ම පැණි හකුරු 500g උණු වතුර 500ml ක් විතර භාජනයකට දාලා දිය වෙන්න හරින්න.හකුරු තලලා කරලා කරදර වෙන්න ඕනි නැහැ මේ ලේසි විදිහට කර ගත්තම.තවත් දෙයක් තමයි හකුරු ගනිද්දී හොදට බලල ගන්න. පැණි හකුරු නැතුව සීනී හකුරු වලින් හැදුවොත් එහෙම වටලප්පන් එක පාට වෙන්නෙත් නැහැ රස වෙන්නෙත් නැහැ. ඊටපස්සේ රතු බිත්තර 20 සාමාන්‍ය ලොකු භාජනයක දාගෙන විනාඩි 5ක් විතර හොදට පෙන එනකම් බීට් කරන්න. බිත්තර ටික බිට් කර ගත්තට පස්සේ වෙනම භාජනයකට හොදට පෙරා ගන්න.එහෙම පෙරා ගත්තේ නැත්තම් වටලප්පන් එක පිළිගද ගහනවා.එතකොට කන්නත් අප්පිරියයි.එත් එක්කම එනසාල් ඇට ටිකත් හොදට පොඩි වෙන්න තලා ගන්න.
බිත්තර පෙරා ගත්ත එකට හකුරු ටිකත් පෙරා ගන්න. ඒකට එනසාල් ටිකයි Fresh milk එකයි වැනිලා එසන්ස් තේ හැදී 2යි දාගන්න.දැන් හොදට හැදී ගාන්න.හද ගත්ත මිශ්‍රණය උකු වැඩි නම් වතුර චුට්ටක් වෙන්න දාගන්න.හැබැයි ගොඩක් දියාරුවට හද ගන්නත් එපා.දැන් හැන්දකින් විනාඩි 2ක් විතර හොදට හැදී ගාලා කැමති කැමති ප්‍රමාණයේ කෝප්ප වලට දා ගන්න. අනිවාර්යෙන්ම වැනිලා එසන්ස් දාගන්න.මොකද පිළිගද හොදටම නැති වෙලා ගිහින් සුවද නිසා අසාවෙන් කන්න පුළුවන් වෙනවා.
ඔයගොල්ලොන්ට oven එකකක් තියෙනවා නම් විනාඩි 20ක් තියලා ගන්න. නැත්තම් භාජනයකට වතුර 250ml ක් විතර දාගෙන අර වටලප්පන් කෝප්පය ඒකට බස්සන්න.බස්සලා පියනකින් වහලා එක උඩට බරක් තියලා විනාඩි 8ක් විතර මද ගින්නේ තැම්බෙන්න තියන්න. අපේ වටලප්පන් එක පදමට ඇවිල්ලද කියල අපිට බලා ගන්න ඕනෙ නම් පිහියක් හරි toothpick එකක් හරි අරගෙන වටලප්පන් එකට දාලා බලන්න.පිහීයේ හරී toothpick හරී ගෑවේන්නේ නැත්තම් එක හොදට තැම්බිලා පදමට ඇවිල්ල තියෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්.
ඊට් පස්සේ ඔක්කොම වටලප්පන් කෝප්ප ටික තම්බ ගත්තට පස්සේ නිවෙන්න ඇරලා අර වේලපු මිදියි කජුයි ටික මිශ්‍ර කරලා ටික ටික කෝප්ප ඔක්කොමටම උඩින් ලස්සනට දාගන්න. තවත් රසකරගන්න ශීතකරණයේ පැය 2ක් විතර තියලා රසබලන්නකෝ. මාරම රසයි. මාත් ඒ විදිහටම හදලා කාලා තියනවා එකයි කියන්නේ. ඔයගොල්ලොන්ට මෙච්චර දවසක් හරියට රසට පාටට පදමට පිලිගද නැතුව සුවදට හදා ගන්න බැරි උනානම් ගෙදර කව්රුවත් නැති වෙලාවට හදලා ගෙදර අයව surprise කරන්න.
එහෙනම් ඔයගොල්ලොත් රසට හදලා බලලා ඔයගොල්ලොන්ගේ අදහස් හා යෝජනා මටත් කියන්න. මගේ මීළග blog post එක ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.
Comments
Post a Comment