අයිස් කැට ප්‍රතිකාරය - Ice cube treatment
ඔන්න අද මම හොදටම දන්න දෙයක් තමයි ඔයගොල්ලොන්ට කියන්න යන්නේ. මමත් මේක හැමදාම වගේ කරනවා. ඒ තමයි අයිස් කැට ප්‍රතිකාරය. ඔයගොල්ලොන්ට මුලින්ම හිතාගන්න බැරි වෙයි මොකද්ද මේ කියලා. ඔන්න මම කියලා දෙන්නම් ඒ මොකද්ද කියලා.
අයිස් කැට ප්‍රතිකාරය කියන්නේ අපි අපේ මුහුණට කරන තවත් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක්. අපේ මුහුණේ ලප කැළැල්, white heads, black heads, ඇස් යට කළු වීම්, සුදු කබර සහ පැල්ලම් වගේ තවත් හුගක් දේවල් මේ අයිස් කැට ප්‍රතිකාරය ක්‍රම නැතිවෙලා යනවා. මුහුණට ලස්සන පෙනුමක් වගේම පාටකුත් එනවා. බොරු නම් ඔයගොල්ලොත් උපරිම සතියක් කරලා බලන්නකෝ මම කියනවට. අදහගන්නත් බැරි වෙයි මේ වෙනස් වීම.
Blackheads and Whiteheads |
අයිස් කැට ප්‍රතිකාරයට අවශ්‍ය දේවල්:
- පිරිසිදු කපු රෙදි කෑල්ලක්
- අයිස් කැට 10 ක් පමණ
මේ ප්‍රතිකාර කරන විදිහ:
මේ ප්‍රතිකාරය අපි කරන්නේ රෑට නිදා ගන්න කලින් හොදට පිරිසිදු වෙලා මුහුණත් පිරිසිදු කරගෙන අපේ කොණ්ඩය හොදට උඩට බැද ගන්න. බැදගෙන Cotton පිරිසිදු රෙදි කෑල්ලට අර අයිස් කැට ටික දාල පොට්ටනියක් වගේ හදාගෙන ඒ අයිස් කැට පොට්ටනිය හෙමින් හෙමින් ඇස් යට, ඇස් උඩ, නළල, නිකට, කම්මුල් දෙක හා බෙල්ල හොදට තවන්න විනාඩි 5 ක් විතර යනකම්. නහය තවන්න එපා වැඩිපුර සෙම තියෙන අය නහය වැඩිපුර අයිස් කැට වලින් තැව්වෝත් පීනස, සෙම අමාරුව, හතිය වගේ ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන්.
එහෙනම් ඔයගොල්ලත් උපරිම එක දිගටම සතියකවත් කරලා බලන්නකෝ. ඔයගොල්ලොන්ගේ අදහසුත් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.
මගේ ඊලග Blog post එක ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.
Comments
Post a Comment