මැලේ අච්චාරුව හදා ගන්න හැටි - How to make malay pickle
අපි දැන් බලමු මැලේ අච්චාරුවක් හද ගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය දේවල්:
සුද්ද කර ගත් රතු ළුණු ගෙඩි 250g
රට ඉදි 100g
අඹරා ගත් අබ මේස හැන්දක් (විනාකිරි දමා අබරන්න)
ලුණු මේස හැන්දක්
ගම්මිරිස් මේස හැන්දක්
හකුරු 100g
අමු මිරිස් කරල් 10
පොඩි කොටුවට කපා ගත් කැරට් 50g
අවශ්‍ය නම් ලුණු දෙහි
මුලින්ම රට ඉදි 100g කැලි හිටින සේ අබරා ගන්න. ඊටපස්සේ හකුරු 100g ත් එත් එක්කම අඹරා ගන්න.
ඊටපස්සේ ලිපේ භාජනයක් තියලා රත් වෙද්දී එළවලු තෙල් මේස හැන්ද ඒකට දාලා මිරිස්කුඩු, ලුණු, ගම්මිරිස්, අඹරා ගත්ත රට ඉදියි හකුරුයි එකට දාන්න. දාල මික්ස් එක හොදට ලී හැන්දකින් හරි පොල්කටු හැන්දකින් හරි කවලම් කරගෙන භාජනය වහන්නේ නැතුව බුබුළු වගේ දානකම් මද ගින්දරේ විනාඩි 5ක් විතර තියන්න.
ඔන්න මම පුංචි Tips ටිකක් කියන්නයි යන්නේ.
ගොඩක් අය මැලේ අච්චාරුව පාට කරන්නේ සිනි දාලා.සිනි දැම්මම අච්චාරුව අඩිය අල්ලලා කර වෙනවා. ඒක නිසා හකුරුයි, රට ඉදියි අඹරාගෙන දාන්න. එතකොට ලස්සන රතු පාටක් එයි.
අබ අඹරා ගද්දී විනාකිරි චුට්ටක් දාන්න. වතුර දැම්මොතින් විනාකිරි වල තියෙන රසය නැති වෙලා යනවා. අබ වල තියෙන ඇඹුල් ගතියට විනාකිරිත් එකතු උනාම හරිම රසයි.
මැලේ අච්චාරුව හදද්දී එකට පොල් කටු හැන්දක් හරි ලී හැන්දක් හරි දාල මික්ස් කරන එක තමයි ගොඩක් හොද. එකට හේතුව තමයි ඇලුමිනියම් හැදී දැම්මම විනාකිරි කියන අම්ලෙත් එක්ක එකතු වෙලා අපේ ඇගට විස වෙන්න ඉඩ තියනවා.
විනාකිරි ගොඩක් දාන්නත් එපා තිත්ත රස ගහයි.
දැන් මද ගින්දරේ තියලා ගත්ත භාජනයට රතු ළුණුයි, පොඩි කොටු වලට කපා ගත්ත කැරටුයි, අමු මිරිස් කරල් ටිකයි දා ගන්න. අවශ්‍ය නම් ලුණු දෙහිත් දාගන්න. රසම රසයි එතකොට. මේ කියන හැම දෙයක්ම දාලා හොදට හැදී ගාගෙන තව විනාඩි 2ක් විතර මද ගින්දරේ තියන්න. ඊටපස්සේ මේකේ රස්නය යනකම් තියලා හොදට හෝදලා පිරිසිදු කර ගත්ත ජෑම් බෝතලයක් වගේ එකකට දාගන්න. කල් තියා ගන්න පුළුවන් එතකොට.
බබාලා ඉස්කෝලේ යද්දී, හස්බන්ඩ් කාර්යාලයට යද්දී, නෑදෑයෝ ආපු වෙලාවට, අම්මා තාත්තා බලන්න යද්දී මේවා අරන් ගියාම මේ හැමෝම ආසාවෙන් සතුටින් කයි. ඉතින් ඔයත් අදම ඔයාගේ ගෙදර හදල බලන්න. හදලා බලලා ඔයාගේ අදහස්, පින්තූර මාත් එක්ක share කර ගන්න.
මගේ ඒ ඊළග Blog post එක බලාපොරොත්තු වන්න.
Comments
Post a Comment