ඔබ නීර්මාණශීලීව සිටින්නේ කෙසේද?
Hi! කොහොමද යහලුවනේ...ඉතින් මම මේ ගොඩ දවසකින් තමයි blog post එකක් ලියන්න හිතුවේ. ඉතින් අද මම කතා කරන්න හැදුවේ හැමදෙනාම කතා කරන්න අකමැති නමුත් අපගේ ජිවිත වලට අතයවශය මාතෘකාවක්. ඒ තමයි ඔබ නීර්මාණශීලීව සිටින්නේ කෙසේද? යන්නයි. නිර්මාණශීලීව ඔබ සීටීමට භාවිතා කරන විශිෂ්ට මෙවලම්, උපක්‍රම, චර්යාවන්, පුරුදු, ද්‍රවය සහ අපි අපේ ජීවිත වලින් අයින් කල යුතු දේවල් මොනවාද? නිර්මාණශීලීත්වය ගැන ඔබ ඉගෙනගෙන ඇත්තේ කුමක්ද? මට ලැබුණු අත්දැකීම් අනුව මම හිතන්නේ පහත සදහන් කරන පරීදියි පුද්ගලයෙක් නිර්මාණශීව සිටීය යුත්තේ කියලා. මේ නිර්මාණශීලීත්වයට ගොඩාක් අතයවශයම වචනය තමයි "නිදහස" කියන දේ. ඒවිට අපට සදාකාලිකවම නිර්මාණශීලී පුද්ගලයෙකු ලෙස සිටීය හැකිය.
නිදහසේ ලියන්න.
ඔබේ නිර්මාණශීලීත්වය ඔබ ආරම්භ කීරීමට ඔබ මුලින්ම අවදි වන විට උදේ පාන්දරින්ම බාදා රහිතව ඔබගේ note book එකේ එම සිතුවිලි ලියන්න. දීප්තිමත් අදහස්, විසද ගැනීමට නොහැකි ප්‍රශ්න වලට විසදුම් සහ මතක් කිරිම් ඔබට උදේ පාන්දර ගලාගෙන එනු ඇත.සෑම විටම ධනාත්මක සිතුවිලි කියවන්න සහ බලන්න.
ඔබ ඔබගේ දුරකතනයෙන් හෝ පරිඝණකයෙන් හෝ යම්කිසි දෙයකින් හෝ වේවා ඔබ ධනාත්මක පුද්ගලයන්ගේ ධනාත්මක සිතුවිලි කියවන්නේ නම් සහ අසන්නේ නම් ඔබ එසැනින් ඔබගේ පරිඝණකයේ හෝ දුරකතනයේ save කරගන්න. නැවත නැවත එය ඈසීමෙන් හෝ බැලීමෙන් ඔබගේ නීර්මාණශීලීත්වය දියුණු වනු ඇත.බිත්ති මත ලියන්න.
ඔබට බිත්තියේ ඇලවීය හැකි අමතර විශාල කඩදාසි හෝ white board එකක් භාවිතා කර හෝ ඔබේ අදහස් ලීවීය හැකිය, ඈසීය හැකිය. මෙය මා සිතන ආකාරයට ඔබ තුල සිටින පුද්ගලයා පිටතට ගෙනැවිත් නිදහසේ නිර්මාණය කීරීමට ඔබට උදව් කරයි.Sticky notes භාවිතා කරන්න.
ඔබ යම් ධනාත්මක දෙයක් දැක්ක විට හෝ ඇසු විට එය sticky note එකක ලියා ඔබට නිතරම පෙනෙන තැනක අලවන්න.එවිටත් ඔබට නිර්මාණශීලීව සෑම මොහොතකම සීටීය හැකිය.
භාවනා කරන්න.
භාවනාවෙන් ඔබගේ මනස පිරිසිදු කරගන්න. ඔබගේ ආගමට අනුකූලව ඔබගේ සිත සෑම විටම පිරිසිදු දේවල් මෙනෙහි කරන්න. ඔබගේ අභ්‍යන්තර සිත සමග එකග වී නිර්මාණශීලීව නිදහසේ භාවිනා කරන්න.ලැයිස්තුවක් සාදන්න.
ලැයිස්තුවක් යනු අදහස් රාශියක් ඉක්මනින් ලබා ගැනීමට, කලයුතු වැඩ කරගැනීමට ඉතාමත් පහසු ක්රමයකි. ඔබ එය ලියන්න පටන්ගත් පසු ඔබට බොහෝ දේ ගලාගෙන එනු ඇත. මමත් මේ ආකරයට මාසය අවසානයේදී නිදහසේ ලැයිස්තුවක් ලියා මගේ වැඩ කරගන්නවා. මට නම් එය ඉතා පහසු ක්රමයකි.පුරුද්දෙන් මිදෙන්න.
අපි සියල්ලෝම පුරුදු ඇති අය වන අතර එකම දේ නැවත නැවත කීරීමෙන් ඔබේ මනස එයට හුරු වී අදුරු වනු ඇත. ඒකාකාරී බව බිද දමා ටිකක් වෙනස් දේවල් කරන්න.උදා-
- චාරිකාවක් යන්න.
- වෙනස් අවන්හලකින් කෑම රසවිඳින්න.
- වෙනස් විදිහේ තැනකට ගිහින් වෙනස් විදිහේ නිවාඩුවක් ගත කරන්න.
- වෙනස් ක්‍රිඩවක් සෙල්ලම් කරන්න.
චලනය වෙන්න.
බයිසිකලයක් පදින්න, ට්රෙඩිමිල් එකක් පදින්න, ව්‍යායාම කර ඔබගේ රුධිරය පොම්ප කරන්න. ශරීරයේ රුධිර ප්රාවාහය වැඩ් වන තරමට ඔබගේ නිර්මාණාත්මක සිතුවිලි ධනාත්මක ලෙස සිදු වනු ඇත.ඇවිදින්න.
නැවුම් වාතය සහ ස්වභාවික ගස්කොළන් පීරී වටපිටාව ඔබට මා දන්නා ආකාරයට පුදුම ආශ්වාදයක් ගෙන දෙනු ඇත.අවසන් කරන්න.
නිම නොකළ වැඩ වල සෑම විටම ඉවරයක් දකින්න. එවිට ඔබේ මනස නිදහස් වේ. ඊටපසුව ඔබට වෙනත් අලුත් දෙයක් පිළිබඳව ඔබට නිදහසේ සීතීය හැකිය.නිර්මාණශීලීත්වයක් සදහා විවිධ වර්ණ එක් කරගන්න.
ඔබගේ මනසේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කර ගැනීමට වර්ණ බොහෝවිට උපකාරී වේ. උදාහරණයක් ලෙස ගත්විට සුදු වර්ණය හා කලු වර්ණය මනසට අදුරු ගතියක් පාලු ගතියක් ගෙන දෙයි. එමනිසා ඇසට ප්‍රිය කරන වර්ණ සුදුසු ලෙස ඔබ යොදාගන්න.අත්හදා බැලීම් කරන්න.
අත්හදා බැලීම් සමගම සෑම විටම අලුත් දේවල් කරන්න. ඔබට සමහරක්විට එය වැරදෙන්නට පුලුවනි. නමුත් එය ඔබ නිදහසේ නැවත නැවත කරන්න. කිසිම විටක මනසින් වැටෙන්න එපා.නිර්මාණශීලී පුද්ගලයන් සමග නිතරම සබඳතා පවත්වන්න.
නිර්මාණාත්මක සිතුවිලි ඇති පුද්ගලයන්ගේ නිර්මාණ ශක්තිය මගින් ඔබට යම් ආකරයක ඵලදායි දෙයක් කර ගත හැක. එමෙන්ම ඔවුන්ගේ අපුරු අදහස් ද ඔබ වෙත ගලාගෙන ඒමෙන් ඔබට අවශ්‍ය හිතකර පරිසරයක්ද නිර්මාණය කර ගත හැකිය.නිදහසේ සිතන්න.
ඔබට එන අදහස් ගැන නිදහසේ සිතීමට ඔබේ මනසට ඉඩ දෙන්න. ඔබට ඇති බාධක ඉවත් කීරීමට අවධානය යොමු කර සියල්ල සිදුවෙන්නේ කෙසේ දැයි සිහියෙන් බලන්න. එවිට මා සිතන ආකාරයට ඔබගේ නිර්මාණාත්මක බුද්ධිය වැඩි වෙනු ඇත.සමාජයේ ඇති තරගය දිහා නිතරම නිදහසේ විමිසිලිමත්ව බලන්න.
ඔබට සමාජයෙන් ඇති තරගය දිහා මදක් බලන්න. එවිට ඔබට ඔබගේ තරගය පටන් ගැනීමට අවශ්‍ය නව නිර්මාණාත්මක සිතුවිලි ගලාගෙන එයි. එවිට ඔබගේ සියලූ කටයුතු සාර්ථක ලෙස කරගත හැකිය.මගේ අත්දැකීම අනුව ඔබ මෙම ඉහත සදහන් කරුණු අනුගමනය කීරීමෙන් ඔබට නිර්මාණශීලීව සීටිය හැකිය.
සුභ දවසක් හැමෝටම. නැවතත් අලුත්ම blog post එකකින් හමුවෙමු.
Comments
Post a Comment